පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධයක්
මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාවට එරෙහිව අඛණ්ඩව විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
මෙම විශේෂ කාරක සභාව වහාම නතර කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමටත්, ඔහුගේ ප්‍රතිචාරය යහපත් නොවන්නේ නම්, අඛණ්ඩව විරෝධය පළකිරීමටත් ඒකබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
රාජ්‍ය නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමේදී අනවශ්‍ය බලයක් පෙන්වීම, ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු හෙළිදරව් වීම, ආරක්ෂක නිලධාරීන් හෙළිදරව් වීම, දේශපාලන වුවමනා වෙනුවෙන් ඒක පාර්ශ්වීයව කාරක සභාව මෙහෙයවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දිනවල විරෝධය පළකරමින් අදහස් දක්වා තිබිණි.
ඒ අනුව මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මේ සම්බන්ධව කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුව තුළ විරෝධය පළකිරීමට අදාළ අවසන් තීරණය පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (18දා) පෙරවරු 10.30ට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවයි.
පසුගිය කාලය පුරා පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරන අයුරින් කථානායකවරයා වැරදි තීරණ ගත් බවත්, රටට අහිතකර අණපනත් සම්මත කර ගැනීම ඇතුළු එම ක්‍රියාවලට එහා යමින් විශේෂ කාරක සභාව පත්කර තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රට අරාජිකත්වයට ගමන් කරමින් තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම රැස්වීමේදී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බවද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියටත් පවත්වාගෙන යන්නේද, නැද්ද යන්න සම්බන්ධව හෙට (18දා) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
ආණ්ඩුවේ පාර්ශ්වය සහ ජනතා විමුක්ති පෙරමුණ කාරක සභාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය යන ස්ථාවරයේ සිටියද, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට විරුද්ධ ස්ථාවරයක සිටින බැවින් එම පක්ෂ නායක රැස්වීමද උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.
අප්‍රේල් 21 වැනිදා දිවයිනේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව හෙට පස්වරු 2.00ට කාරක සභා අංක 02හි රැස්වෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
හෙට දින කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපතිවරයා හා හිටපු ස්ථානාධිපතිවරයා, එම ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ නියෝජිතයන් කැඳවා තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ භාරදුන් විශ්වාසභංග යෝජනාව හෙට (18දා) සහ අනිද්දා (19දා) විවාදයට ගැනීමට නියමිත අතර, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පාර්ලිමේන්තු සතිය තුළ වත්මන් රජයේ ඇමතිවරයෙකුට විරුද්ධව යෝජනාවක් භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.
popular news
-
Dayan Monday, 17 June 2019 10:51 AM
අනවශ්‍ය විදියට රාජ්‍ය පරිපාලන ලේකම් ගෙන් ප්‍රශ්න අහන්න ගිහින් මේ වැඩේ කාගත්තේ. දේසපාලකයින්ට ඕනේ රාජ්‍යසේවකයින් බයගන්වල යටපත් කරන්න. එක බොහොම පැහැදිලි උනා මේකෙදි. අපි දැක්ක එක්කෙනෙන් අමතනවා witness කියල. මොන ලොකු කම්ද මේ.
Reply : 0 0
Lion Monday, 17 June 2019 11:38 AM
ජනතාවට aththa දැනගන්න අවශ්යි Meya නවත්වන්න හදන්නේ තොපි ඔක්කොමගේ හොර එළිවෙන නිසාද
Reply : 0 0
Saman Kaldera Monday, 17 June 2019 11:53 AM
මොකද විස්තර ඉලියට එනකොට බයවෙලාද?
Reply : 0 0
Daham Monday, 17 June 2019 01:21 PM
රටේ ප්‍රධානියා නඩු ටික ඉක්මන් කරයි කියල බයවෙලා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

