පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව හමුවට එන්න මටත් කිව්වා - දයාසිරි
පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධව සොයා බලා වාර්තා කිරිමේ විශේෂ කාරක සභාව හමුවට හෙට (28) දින තමාව කැඳවා තිබෙන බවත්,එම අවස්ථාවට මුහුණ දෙන්නේද නැද්ද යන්න සම්බන්ධව කල්පනා කරමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද (27) පැවසිය.
මෙම කාරක සභාව හමුවට මන්ත්‍රීවරුන් කැඳවා සාක්ෂි විමසීමක් නොකරන ලෙසට නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබියදී තමා කැඳවා තිබෙන බවත්,මෙමඟින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හදිසි නීති විවාදයට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.
පාස්කු ඉරිදා ටාජ් සමුද්‍රා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල නොවීම ගැන තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබෙන බවත්,තම මීට පෙර පැවසූ පරිදි ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් පැවසූ හෙතෙම කාරක සභාව හමුවේදි පැවසීමට තිබෙන්නේ එම කාරණය පමණක් බවද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කරගත් මෙම කාරක සභාව අහෝසි කර දමන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

popular news
-
priyantha manamperi Friday, 28 June 2019 05:56 AM
අය්යෝ ආවේ නැති එකම හොදයි .අපිට මතකනේ ආණ්ඩුවට එකතු වෙලා කකුලෙන් ඇදපු හැටි.ආණ්ඩුවෙන් එලෙව්වට පස්සේ පේනවා නේද මාස6 ඇතුලත මොනතරම් රටේ දියුණුවට වැඩ වෙනවද කියලා.මොලේ පුංචි අය ඕනෙම නැහැ .
Reply : 0 0
batangala Friday, 28 June 2019 12:38 PM
පක්ෂයේ චන්ද ගොඩ ලක්ෂ තුනට වැටුනට පස්සේ ලේකම් වුන ඔබට තියෙන වගකීම හරිම වැඩි වගේ පෙනෙන්නේ . එත් ඉතින් කොහොම හරි උත්සාහ ගන්න ලොක්කවත් බේරාගෙන අර පැත්තට ජැක එකක් ගහන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

