පාර්ලිමේන්තු කාරක සභා වලට මන්ත්‍රීවරු නම් කරන්න- කථානායක
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා සඳහා පත් කළයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ අද (21දා) පැවති තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලබන 23 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට ද තේරීම් කාරක සභාවේදී තීරණය කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලබාගෙන කෝප් සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා කඩිනමින් පත් කිරීමටද මෙහිදී සාකච්ඡා වී තිබේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය මහින්ද සමරසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් අමරතුංග, මනෝ ගනේෂන් සහ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන්ද ඊට සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

