පාර්ලිමේන්තුව විසුරුවාහැරියොත් 62කට විශ්‍රාම වැටුප නෑ
වත්මන් පාර්ලිමේන්තුවට මේ වනවිට අවුරුදු හතරහමාරක් සම්පූර්ණ වී ඇති අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරවා හැරීමට ජනාධිපතිවරයාට බල තල හිමිව තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62කට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා 'අද'ට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප පනත් කෙටුම්පතකින් සම්මත වී ඇති බවත්, එලෙස විශ්‍රාම වැටුප ලබාදීමට මන්ත්‍රීවරුන් අවුරුදු පහක් සම්පූර්ණ කර තිබිය යුතු බවට එම කෙටුම්පතේ සඳහන් වන බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව අවුරුදු පහ සම්පූර්ණ වීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නම්, මෙවර 08 වැනි පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් හට විශ්‍රාම වැටුප හිමි නොවන අතර, 08 වැනි පාර්ලිමේන්තුවට පෙර සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් හට විශ්‍රාම වැටුප හිමි වන බවද හෙතෙම පවසා සිටියේය.
කෙසේ වෙතත් අවුරුදු පහ සම්පූර්ණ කර ඇති මන්ත්‍රීවරුන් හට පාර්ලිමේන්තුව විසුරුවන දින සිට විශ්‍රාම වැටුප හිමි වන බවත්, ඒ සඳහා මන්ත්‍රීවරුන්ට වයස් සීමාවක් අදාළ නොවන බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Monday, 02 March 2020 12:25 PM
ජනතාව පාර්ලිමේනතුවට මන්ත්‍රීවරු පත්කලේ වර්ෂ 5කට බලපවත්වන පරිදි. ඉතින් ඊට පෙර විසුරුවා හැරීම තුළින් තමුන්ට හිමි විශ්‍රාම වැටුප් හිමිකම අහිමිවන බවට මානව හිමිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා විසුරුවීමට ඒරෙහිව අතුරු තහනම් නියෝගයක් ගන්න බැරි ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
