පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තෙක් අගමැති මමයි
තමන් මේ රටේ අගමැති ලෙස කටයුතු කරන බවත් තමාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"මේ රටේ අගමැති හැටියට මම ඔබ අමතනවා. ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව මම අගමැති ලෙස කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය දෙන බව විශ්වාසභංග යෝජනාව පරාජය කරමින් මම පෙන්වා තිබෙනවා. ඒ බහුතරය මට තාම තියෙනවා.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තාක් කල් මම මේ රටේ අගමැති ලෙස ක්‍රියා කරනවා. වෙන කාටවත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බෑ. පාර්ලිමේන්තු සම්ප්‍රදායෙත්, ව්‍යවස්ථාව අනුවත් මම අගමැති ලෙස ක්‍රියාකරනවා."

popular news
-
rocky Saturday, 27 October 2018 08:35 AM
කතාව ඇත්ත. එත් බහුතරය නැත නම් ..? paksha dekema wavulan inna bawa amathaka karanna epa!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

