පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු ගැන විකල්ප තුනක්
රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විකල්ප තුනක් ඉදිරිපත් වී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, සෙසු පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායක කරු ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවලදී මෙම විකල්ප තුන ඉදිරිපත්ව තිබේ.
01 ව්‍යවස්ථානුකූලව මාර්තු 01 දා පාර්ලිමේන්තුව විසුරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයකට අවකාශය සැලසීම.
02 මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරයක් දී පාර්ලිමේන්තුව විසුරුවාහැර වහාම මැතිවරණයකට යෑම
03 අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනපතිට මහ මැතිවරණයක් එළැඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට අවකාශ සැලසීම
එම විකල්ප තුනයි. මෙම විකල්ප තුන අතරින් අවසන් තීරණයක් මෙම සතිය තුළදී ගැනීමට නියමිත බවත් කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
popular news
-
sg Tuesday, 19 November 2019 12:24 PM
තුන්වන පියවර වැදගත්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

