පාර්ලිමෙින්තුව විසුරුවා හැරීමට ජනපතිවරයාට බලය තිබෙනවා - සරත් N සිල්වා
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් එහි නීතිමය තත්ත්වය පිළිබඳව අද පුවත්පත ඔහුගෙන් කළ විමසීමේදී මේ බව සඳහන් කළේය.
"පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන්නේ පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක්. ඒක සඳහන් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) (ඇ) ව්‍යවස්ථාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන කිසිම විධිවිධානයක් හෝ තිබුණද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකිරීමටත්, සැසිවාරය අවසන් කිරීමට හා විසුරුවාහැරීමට බලය ඇති බව පැහැදිලිව එහි සඳහන්ව තිබෙනවා.
පැහැදිලි බලය එතැන තිබෙනවා. ඒවගේම 70 වැනි ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ඇතුළත් වුණෙත් 19 වැනි සංශෝධනයෙන්. 70 වැනි ව්‍යවස්ථාවේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පළමු වැනි වසර හතරහමාර තුළ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් අනුවයි.
33(2) (ඇ) ව්‍යස්ථාව 19 වැනි සංශෝධනයට ඇතුළත් කළේ 2002 දී ඇතිවුණ නඩු තීන්දුවක් අනුවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්න බැහැ. එය ඉවත්කරනවානම් ඒකට ජනමත විචාරයක් අවශ්‍යයි කියන තර්කය මතුවුණා. ජනමත විචාරයක් අවශ්‍යනොවන විදිහට 33(2)(ඇ) තුළ පූර්ණ බලයක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තුව විසුරුවන්න පාර්ලිමේන්තුව තුළින්ම යෝජනාවක් එනවානම් එය තුනෙන් දෙකක බහුතර බලයක් සහිත යෝජනාවක් ලෙස ඉදිරිපත් විය යුතුයි.
මේ විධිවිධාන දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තිබෙනවා. මේවගන්ති දෙක පරස්පර වෙන්නේ නැහැ. එය අර්ථකථනය කරද්දි අර්ථකථනය කරන ආකාරයක් තිබෙනවා. ඒ අනුව මෙය අමතර බලයක්. ඒ අනුව ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කරන්නෙ අවශ්‍යම අවස්ථාවේ.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම තමයි සුදුසුම ක්‍රියාදාමය කියලා මම හිතන්නේ. නැත්නම් ලොකු අරාජික තත්ත්වයක් මතුවෙලා තියෙන්නෙ.

popular news
-
Hemantha Thursday, 08 November 2018 10:44 AM
ඕකත් හෙල්පින්ග් හම්බන්තොට නඩු තීන්දුව වගේද? පස්සේ කනගාටු වෙන්න වෙඉද?
Reply : 0 0
Champa Thursday, 08 November 2018 12:58 PM
ඕවා පුහු තර්ක. ශ්‍රේෂ්ඨාධිකරණය දැනටම පිලි අරන් තියෙනව බල පැවැත්වෙන්නේ 19 වෙනි සංශෝධනය කියලා. ඒකයි ජනාධිපතිගේ අවුරුදු 6, 5 ට අඩු කලේ. ඒ හින්දා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊට පිටින් ආපස්සට හැරිලා තීන්දු දෙන්න බැහැ. ඊළඟට දෙන හැම තීන්දුවක්ම කලින් දීපු තීන්දුවට සමාන්තර වෙන්න ඕනේ. ඒ හින්ද 19 අනුව තියෙන්නේ අවස්ථා දෙකයි පාර්ලිමේන්තුව විසිරුවන්න. එච්චරයි. ඒ වුනාට ඊට වඩා බරපතල දෙයකට දැන් ජනාධිපති රට අරන් ඇවිත් තියෙනව. ඒ හින්දා මේ වෙලාවේ ඒකාධිපති තීරණයක් අරන් ව්‍යවස්ථාවට විරුද්ධව පාර්ලිමේන්තුව විසිරුවොත් අර ජනාධිපති හැම තිස්සෙම කියන මහින්දට එන්න තිබුනයි කියපු සම්බාධක, ඒවා එයාටම එන්න පුළුවන්. මේ වෙලාවේ ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ පක්ෂග්‍රහිව කරන ව්‍යවස්ථා අර්ථකතන නාහුනා වගේ ඉන්න එක.
Reply : 0 2
rocky Thursday, 08 November 2018 01:15 PM
මුන්නහේ අධිකරණයේ ගවුරවය රැකපු හැටි රටම දන්නවනේ. ආයෙත් ගමනක් හොම්බ දානවා විලි ලජ්ජා නැතුව! ගෙදර යන ගමන්ද ව්‍යවස්ථාව බැලුවේ!
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

