පාපුරුව කැඩී යාමෙන් දෙදෙනෙක් මරුට
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව පහළ කඩුගන්නාව ප්රදේශයේදී කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා වන සමන්තුරේ පදිංචි ආර්. සේකර් හා මොලගොඩ පදිංචි මගියෙකු බව පොලීසිය පවසයි.
අද (09දා) උදෑසන 6.40 ට පමණ මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම බස් රථය පහළ කඩුගන්නාව වංගුව අසළදි මෙම බස් රථයේ ඉදිරි පා පාවුරුව කඩා වැටීම නිසා කොන්දොස්තරවරයා හා අනිත් පුද්ගලයා බිමට වැටී ඇති අතර ඉදිරිපස රෝදයට මොවුන් යටවෙන්නට ඇති බවත් එහිදි දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.
චමිල් රූපසිංහ





popular news
-
Kegalle Sunday, 09 June 2019 05:24 PM
බස් රථවල පා පුවරුවේ යාමේ තහනම් නීතිය නැවත බල ගැන්විය යුතුවේ . එසේම බස් රථවල දොර විවුරතව යාම තහනම් කල යුතුය . එමගින් වව්ල් රියදුරන් ද නීතිය හමුවට පමුණුවා දඬුවම් දිය යුතුවේ
Reply : 12 1
Champa Sunday, 09 June 2019 11:20 PM
අනේ මන්ද සමහර මරණ වෙන හැටි හරිම අස්වාභාවිකයි.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

