පානදුර ප්රදේශයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 47ක් වන බලංගොඩ පදිංචි පෝදාගොඩගේ ප්රියන්ත නැමැත්තෙකි.
එම වෙඩි වැදීමෙන් අතුරුව පළාගිය තවත් සැකකරුවෙක් වූ කසුන් නිෂාන්ත නැමැති උඩුගම්පොළ පදිංචිව සිටි සලුජ නිකෝ ශාන්යත න අය පිංවත්ත ප්රදේශයේ තුවාල ලබා සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුද පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලීසිය පවසයි.
