පාතාලය මර්දනයට දැඩි තීන්දු ඕන - ජනපති
අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ එම කණ්ඩායම් මර්දනයට ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප්‍රගතිය ද විමසා බැලුණු අතර, පාතාලය මර්දනය වෙනුවෙන් දැඩී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග අද (26දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.
නීති විරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙතෙක් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, පසුගිය මාස තුන තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත්, අද සිට මාස් පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සළස්වන ලෙසත් ජනාධිපති පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා නව කමිටුවක් පත් කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

popular news
-
chathuri Monday, 26 November 2018 07:43 PM
ඔබගේ. ජිවිතයේ අවසන්. කාලයද. මේ. ගෙවන්නේ. දන්නේ. නැහැ පක්ෂ. නායකයින්. කොටවල. දැන්. පාතාලයට දඩුවම්. දෙන්න. අරන් ඕවා කරන්න. පුළුවන්. දැඩි තීරණ. අරන් කෙලින් හිටගන්න. පුළුවන් අයට විතරයි. , රනිල් ඇමති ව. ආදර්ශයට. ගන්න. ඔබ. ලොක්ක. කියල එයා නැමුනද එක. අඩියක්. පස්සට ගත්තද . ඔබට. විමල් ,ගම්මන්පිල වගේ. කට්ටිය. තමයි හොඳ. උගත් මිනිසුන් සමග. වැඩ කරලා පුරුදු නැහැ මේ ඉන්න. දවස් ටික පරිස්සමින්. ඉඳල. ගෙදර. යන්න. නැතිනම්. පාතාලය ගෙදරට. එයි. මහින්ද. ගේනවා. වගේ හොර රහසේ. ගෙවල් වල ට ගොස් පාතාලයට විරුද්දව. කතා. කරන්නේ. පරිස්සමින්. අන්දකාරේ කරපු සෙල්ලම් දැන් සේරම. එළිපිට. කට්ටියම. අතරමන් , ඔබ කැමති. නම් මම කැමති ඔබගේ උපදේශක හැටියට. වැඩ කරන්න , මමදන්නවා. රටට. අවශ්‍ය දේ ජනතාවට. අවශ්‍ය. දේ සාම කමිව. විසදන්න හැටි. ජනතාවගේ. ආදරය පැය 48 අරන් දෙනවා. කියල පොරොන්දු. වෙනවා.
Reply : 0 0
Don Monday, 26 November 2018 08:34 PM
එදා පාර්ලිමේන්තුවේ නිර්ලජ්ජිතව හැසිරුණ පාතාලයෝ එහෙම මර්ධනය කරලම වැඩේට බහිමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

