පාතාලයට පතොරම් දුන් හමුදා මේජර් ඇතුළු තුනක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් බව පැවැසෙන දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින ජයලත් සුද්දාගේ කොන්ත්රාත්තුවක් මත සියඹලාන්ඩුවේ සිට ගාල්ල ප්රදේශයට සජීවී පතොරම් තොගයක් රැගෙන යාමේ සිදුවීමට සම්බන්ධව පදවි පරාක්රමපුර යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 21 දා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර එහිදී අත්අඩංගුවට පත්වූයේ හික්කඩුවේ පදිංචි ලද්දු රොෂාන් යන අයෙකි. ඔහුගෙන් කළ ප්රශ්ණ කිරීම් හමුවේ මෙම හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන තිබේ.
සංජීව දිසානායක (යුද හමුදා මේජර්), අකිල සම්පත් (ලාන්ස් ක්රෝපල්), මලින්ද මධුසංඛ (සෙබළ) යන සැකකරුවන් ඊයේ පදවි පරාක්රමපුර කඳවුරේදීම අත්අඩංගුවට ගෙන තිබේ එසේම මේජර්වරයා රැඳී සිටි නිවස්නය පිටුපස කැලෑබඳ ප්රදේශයක තිබූ පතොරම් බහාලු පෙට්ටි 4ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

popular news
-
Don Thursday, 25 October 2018 07:32 PM
Could we describe these army soldiers as heroes ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

