පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට යයි
බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් තිබේ. ඒහිදි ඔහු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
“ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලිමේන්තුවේ මනත්‍රීවරු 118ක් සම්මත කළා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත්කිරීම් නීති විරෝධී බවට යෝජනාවක් සම්මත කළා. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරින ගෙදර යා යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතිවිරෝධී ආණ්ඩුව දෙන නියෝග පිළිපදින්න ඒපා කියලා.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

