පාඨලීගේ හෙළිදරව්ව
“අද අපි මේ ගෙවමින් සිටින්නේ අපේ රටේ ප්රජාතන්ත්රවාදයේ නිදහසේ අඳුරුතම මොහොතක්.මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැවතුණා ,ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාරිත්වය පැවතුණා,කොළඹ බෝම්බ පිපිරුණා. හමුදා කඳවුරු බිඳ වැටුණා,පාර්ලිමේන්තුවේ බෝම්බ පිපිරුණා. නමුත් මේ රටේ අමාත්‍ය මණ්ඩලයක්,අගමැති කෙනෙක් නැති තත්වයක් ඒ කිසිම අවස්ථාවක තිබුණේ නෑ මිත්‍රවරුනි. නමුත් අද පසුගිය 3වනදා ඉඳන් මහින්ද රාජපක්ෂව ඔහුගේ අමාත්‍ය මණ්ඩලය අභියාචනාධිකරණය විසින් වැඩ තහනම් කළාට පස්සේ අද මේ රටේ ආණ්ඩුවක් නෑ" .
ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මං මහින්ද මහත්තයව හොඳට දන්නවා.අද ඔය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශප්‍රේමය කතා කරන අය ඇඳන් යට ඉන්නකොට,ප්රභාකරන්ගේ කාලතුවක්කු කතා කරන වෙලාවේ,මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් කකුල් වෙව්ලන වෙලාවේ,අපි තමා එදා ඒ ත්‍රස්තවාදය ඇතුළු අඳුරුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජයග්‍රාහී යුගයට අරගෙන යන්න මුල් උනේ . මහින්ද මහත්තයා 2005බලයට ආපු වෙලාවේ එතුමට උදවු කරන්න කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ නෑ."
"අපි තමයි එතුමාගේ ඒ ව්‍යාපාරය අරගෙන ගිහිල්ලා එතුමාව ඒ තැනින් තිබ්බේ. එතුමා කිසිම අවස්ථාවක කිවේ නෑ මම ආවොත් කොටි සංවිධානය පරාජය කරනවා කියලා.එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ ලීවේ මම ආවොත් ප්රභාකරන් එක්ක සාකච්ජා කරනවා කියලා විතරයි. 2005 බලයට ඇවිල්ලා ගෙනාපු පළවෙනි අයවැයෙන්ම කරේ මොකක්ද ලක්ෂ 8000ක් කොටින්ට ලබා දෙන විදියට රාඩා කියන ආයතනය හරහා උතුරේ ගෙවල් හදන මුවාවෙන් ප්රභාකරන්ට සල්ලි ලබා දීමට යෝජනා කිරීමයි.
අද ඒ නඩුව ඇහෙනවා අධිකරණයේ,කොහොමද ඒ සල්ලි ටික ගියේ,හදපු එක ගෙයක් වත් නෑ,ගෙවල් හදනවා කියලා කිළිනොච්චිය,වව්නියාව,යාපනය,නැගෙනහිර ත්රස්තවාදීන්ට අවි ආයුධ ගේන්න කොහොමද ඒ මුදල් ගියේ කියන එක දැන් මහාධිකරණයේ විනිශ්චය වෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය."

popular news
-
Bandula. Wednesday, 12 December 2018 04:03 PM
අනේ ඇත්තද අදනේ දන්නේ ඔය උද්දේ ඉවරකලා කියල, එකනේ ඔබතුමා rate අගමැති කමට හොද කෙනෙක්. දාමුද පොඩි ට්රෛ එකක්.
Reply : 0 0
සෙනෙවි Wednesday, 12 December 2018 04:31 PM
බ....බ.....අ....බ.. චතුර පරාදයි වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
