ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට ප්‍රහාරයක්
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ ප්‍රෙද්ශයේ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
ප්‍රහාරයෙන් මන්ත්‍රිවරයාගේ මෝටර් රථයට, යතුරුපැදියට හා නිවසේ ඉදිරිපස ජනෙල් තුනකට හානි සිදුව ඇතැයි පැවසේ.
අද අලුයම 2.30 පමණ නිවස ඉදිරිපිටින් කිසියම් ශබ්දයක් ඇසි මන්ත්‍රීවරයා නිවස ඉදිරිපිටට පැමිණ බැලිමේදි ප්‍රහාරය සිදු කළ තිදෙනෙකු යතුරුපැදි තුනකින් පළායනු දක්නට ලැබි ඇතැයි මන්ත්‍රීවරයා සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය.
මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
popular news
-
rocky Friday, 24 May 2019 03:41 PM
වැඩි කල් නොයා මෙය ජනතාවගේ විනොදාන්සයක් වෙන්නත් බැරි නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

