ප්‍රා.ලේ.කොට්ඨාස 13කට නායයෑමේ අනතුරු ඇඟවිම්
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ 15 වනදා සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කරනු ලැබ තිබේ.
අද පස්වරු හය දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, ගඟවට කෝරළය, යටිනුවර, තුම්පනේ, උඩදුම්බර, දොළුව, මැදදුම්බර සහ පාතදුම්බර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයක් , මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අරණායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක ඇතුළුව දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 ක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට , බෑවුම් කඩා වැටීම, ගල්පෙරලිම, පස් කණ්ඩි කඩා වැටීම, සහ පොළොව ගිලා බැසීම යන නායයෑමේ ලක්ෂණ කෙරෙහි වඩාත් අවදානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

