ප්රශ්ණ ගොඩක් විසඳලා ඉවරයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ප්රශ්න බොහෝමයක් විසඳී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද (13දා) පැවසීය.
කාලයක් යන විට දෙපාර්ශ්වය අතර සියලු ප්රශ්න විසඳී එක දිනය, එක මට්ටමකට පැමිණෙනු ඇති බවද හිටපු මන්ත්රීවරයා සඳහන් කළේය. දෙපාර්ශ්වය අතර දිස්ත්රික්කවල තිබෙන ප්රශ්න විසඳා ගැනීමට හැකියාව තිබෙන බවද ඒ මහතා ප්රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ කැඳවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා,
“දැන් අනිත් මිනිහට මඩ ගහන එකයි, තනතුරුවලට මඩ ගහන එකයි විපක්ෂය කරගෙන යනවා. දිස්ත්රික්කවල තිබෙන දේශපාලන ප්රශ්න මුල්කර ගෙන ජාතික ප්රශ්නයකට මේක ගන්න එපා. අපේ දිස්ත්රික්කවල තිබෙන ප්රශ්න අපි විසඳා ගන්නම්.
දැන් අපට අවස්ථාවක් ලැබිලා තිබෙනවා සාමුහික වශයෙන් පොදු බලවේගයක් හැටියට ඡන්දෙට යන්න. ඒ පොදු බලවේගය තමයි මේ රටේ රනිල් වික්රමසිංහ පාර්ලිමෙන්තුවේ තිබුණු අන්තවාදී පාලනය ඉවත් කරන එක. මේ සැරේ ඒක ඉවත් කරගන්න පුළුවන්.
ලංකා ඉතිහාසය තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ විවිධ පොදු ලකුණුවලින් තරග කර තිබෙනවා. ඉස්සෙල්ලාම අත ලකුණින් තරග කළා. ඊට පස්සේ රෝදයෙන්, පුටුවෙන්, බුලත් කොළයෙන් තරග කළා. සමහර විට පොහොට්ටුවෙන් තරග කරන්න පුළුවන්. මේක වෙනස් වෙන්නෑ.
මේ බලවේග එකයි. ඊළඟ මැතිවරණයේදී ලකුණ වෙනස් වෙන්න පුළුවන්. ශ්රී ලංකා නිදහස් පක්ෂය මේ තුළට ආවට පස්සේ ආපහු කාලයක් යනකොට මේ සියලුම දේවල් එකට එකතු වෙලා ආපහු වෙන ලකුණකින් එන්න පුළුවන්. මෙතැන තියෙන්නේ ලකුණේ ප්රශ්නයක් නෙමෙයි. පොදු හතුරාට විරුද්ධව බලවේගයක් ගොඩනැගීම. දැනට එම බලවේගය ගොඩනගා තිබෙනවා'' යනුවෙන් පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

