උපදේශනය පිළිබඳ මහලේකම් කාර්යාලයක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් සකස් කරගෙන යන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ඊයේ (27දා) පැවසීය.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් කරන උපදේශන සේවා එක් ආයතනයක් යටතට ගෙන, නව මුහුණුවරකින්, විධිමත්ව පොදු ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.
"මම හිතන විදියට ප්‍රභාකරනුත් හොඳ උපදේශකයෙක් තමා. මොකද බෝම්බයක් බඩේ බැඳලා ඉලක්කයට යන්න පුහුණු කරලා, ඒක ඉටුවෙන තැනට කටුයුතු කළේ හොඳ උපදේශකයෙක් නිසයි. අද දේශපාලනයට එන අයටත් උපදේශනය දිය යුතුයි. දේශපාලනයේදී ප්‍රතිපත්ති, පලපුරුද්ද, මොකටද දේශපාලනයට යන්නෙ කියන එක ගැන අවබෝධය දිය යුතුයි. දැන් නළු නිළියොත් දේශපාලනයට එනවනේ. මේ අයටත් උපදේශනය වැදගත් වෙනවා" යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.