ඌව, නැගෙනහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පස්වරු 4.30ට ඔවුන් නිකුත් කළ මෙම අවවාදාතමක නිවේදනය අද රාත්‍රි 7.30 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝ මීටර් 70-80 පමණ කෙටිකාලීන සුළංද ඇතිවීමේ හැකියාක් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
