ප්‍රථම වතාවට විජලනය කර නිපදවන ලද පලතුරු අතුරුපසක් ලෙසින්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විජලනය කර නිපදවන ලද පලතුරු සාකච්ඡා මණ්ඩපයක අතුරු පස වශයෙන් ලබා දී තිබේ. ගන්නොරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය විජලනය කළ පලතුරු සකස් කිරීමේ කටයුතු සිදු කරයි.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්රධෘනත්වයෙන් ඊයේ (23) එම දෙපාර්තමේන්තුවේදී මෙරට විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම අංශයට අදාළ ආචාර්ය මහාචාර්යවරුන් සමග පැවැති සාකච්ඡාවේදී මෙරට විජලනය කළ පලතුරු ප්‍රථම වරට අතුරුපස වශයෙන් බෙදාදෙනු ලැබිණි.
ඒ අනුව විජලනය කළ කර්තකොලොම්බන් අඹ හා කෝලිකුට්ටු කෙසෙල් හා වරකාද අතුරු ආහාර වශයෙන් පිරිනැමිණි.
මෙරට පලතුරුවලින් 40%කට වැඩි ප්‍රමාණයක් අස්වනු වැඩිවන කාලයට අලෙවි කරගත නොහැකිව අපතේ යන බව සංඛ්‍යාලේඛනවලින් හෙළිදරව් වී ඇති අතර, විශේෂයෙන් අඹ, කෙසෙල්, අන්නාසි හා දොඩම් මෙන්ම වරකාද මේ අන්දමින් බහුල වශයෙන් අපතේ යන පලතුරු ලෙස සැලකේ.
මෙම පලතුරුවල අස්වැන්න වැඩි කාලයට ඒවා විජලනය කර වියළි පලතුරු වශයෙන් සකස් අලෙවි කර ගොවියාට අතුරු ආදායම් මාර්ගයක් සැලසීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් හඳුන්වා දුන් %අපි වවලයි අපි කන්නේ^ කඩිනම් කෘෂිකාර්මික වැඩසටහන යටතේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව පලතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10ක් මෙම වසර තුළ ජර්මනියෙන් මිලදීගැනීමට යෝජිත අතර, එම යන්ත්‍ර අවම වශයෙන් එක් පළාතකට එකක් බැගින් බෙදා දී පලතුරු විජලනය කිරීමේ මධ්‍යස්ථාන ඇරඹීමට යෝජිතය.
මෙම වැඩපිළිවෙළ පළමුවෙන් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී හඳුන්වාදීමට අදහස් කරන බැව් කී අමාත්‍යවරයා, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටද ලබාදෙන අතර, එමගින් මෙවැනි විජලනය කළ පලතුරු භාවිතයේ ඇති වැදගත්කම රටේ සියලු ජනතාවට පැහැදිලි කිරීමේ වැඩසටහනක් අරඹන බවද කීය.
මෙම කර්මාන්තය මගින් අපේ රටේ කාන්තාවන්ට අමතර ආදායමක් උපයාගත හැකි මෙන්ම මේ අන්දමින් විජලනය කළ පලතුරු සඳහා ජාත්‍යන්තරය තුළ ඉහළ ඉල්ලුමක් ඇති බවද, එම වෙළෙඳ පොලට යැවීමට උචිත පලතුරු රැසක් අපේ රටේ ඇති අතර, විශේෂයෙන් අඹ, අන්නාසි හා වරකාවලට හොඳ ඉල්ලුමක් ජාත්‍යන්තරයේදී ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.


popular news
-
Champa Saturday, 25 August 2018 01:01 AM
මේක කාපු අයගේ අදහස මොකක්ද දන්නේ නැහැ නේද? මේ පලතුරු තුනම මට නම් පෞද්ගලිකව අමුවෙන් ඒ කියන්නේ ස්වභාවික විදියට කන්න කැමති පලතුරු. මේ පලතුරු බහුලව නැවුම්ව තියෙද්දී වේලපුව කන්නේ මොකටද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යංශයට මොකක් හරි හිදිසියක් තියෙනව අධිවේගී ගමනක් යන්න. වැඩේ අගින් පටන් අරන් තියෙන්නේ ඒකයි.
Reply : 2 1
හෙලඅහර Wednesday, 25 May 2022 11:59 AM
ආහාර සුරක්ෂිත තාව යටතේ ඉතාමත් වැදගත් වැඩක් දැනටමත් අපි ඉතා සුලුවසයෙන් ප්‍රශ්න දහසක් මැද සිදුකරමින් පවතිනවා ඉදිල පරිබෝජනය නොකර අපතේ යන ප්‍රමානය අති විසාලයි.පිටරටින් ගේනකං බලං ඉන්න ජාතියක් .අපේ දේවල් කුනු ගොඩට පිටරට එක තමයි ලොකු....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

