ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරිම සඳහා පියරොලයිසිස් යන්ත්‍රයක් අත්තනගල්ල පෙතියාකන්ද කාබනික පොහොර අංගනයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ප්ලාස්ටික් හා පොලීතින් අපද්‍රව්‍ය පයිරොලයිසිස් තාක්ෂණය යටතේ ප්‍රතිචක්‍රීකරණය සඳහා දකුණු කොරියාවේ ඔමේගා එනර්ජි එන්වයිරොටෙක් ආයනය මෙම යන්ත්‍රය නිපදවා තිබේ.
මේ හරහා ප්ලාස්ටික් හා පොලිතින් පයිරොලයිසිස් තෙල් හා කාබන් කඩු බවට පරිවර්තනය කරයි.
එම තෙල් ඉන්ධනයක් ලෙසත් කාබන් කුඩු මාර්ගවල අතුරන ගල් නිෂ්පාදනය සඳහාද යොදා ගැනීමේ හැකියාවක් පවතී.
ඔමේගා ආයතනය මෙම යන්ත්‍රයක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ප්‍රධානය කිරිමට එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව එම යන්ත්‍රය ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ අත්තනගල්ල පෙතියාකන්ද කාබනික පොහොර අංගනයේ ස්ථාපිත කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
