පළමු “ වේදනා පාලන හෙදි ” පුහුණුව අරඹයි
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව විශේෂ නිපුණතා සහිත හෙද නිලධාරීන් පුහුණු කිරීමට අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව "වේදනා පාලන හෙදියන්" පුහුණු කිරීමේ පාඨමාලාව ලබන මස ආරම්භ කිරීමට නියමිතයි.
වේදනා පාලන හෙද පුහුණුව මෙරට ප්‍රථම වරට ආරම්භ කරන අතර එහි පළමු කණ්ඩායමට 42 දෙනෙකු ඇතුලත්ය. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගිනි.
2019සැප්තැම්බර් 2 වැනිදා ජාතික රෝහල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්. බී. සී. සමන්මලී මහත්මිය ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නව සංකල්පයක් අනුව ඒ ඒ ක්ෂේත්රයන් වෙනුවෙන් විශේෂඥ පුහුණුව ලැබූ හෙදියන් පුහුණු කිරිමේ ජාත්‍යන්තර ප්රවණතාවට ගරු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව දැඩි සත්කාරක හෙදියන්, හදිසි ප්රතිකාරක හෙදියන්, ආසාදන පාලන හෙදියන්, ළමා රෝග පාලන හෙදියන් ආදී වෙනත් ක්ෂේත්රයන් ආවරණය කරමින් පුහුණු පාඨමාලා පවත්වන බව හෙද අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කළාය.

popular news
-
Kumar Wednesday, 21 August 2019 10:07 PM
වේදනා පාලනය කිරීමට පෙති පමණක් පාවිචි කරන්න එම බෙහෙත් වර්ග පදවන කොම්පැනි දොස්තරලට කියා සිටියා. දැන් එම බේත් පෙති වලින් මත්වෙන අසනීපයක් නැති අය ලක්ෂගනනක් ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

