හිඟ අතිකාල මුදල් ගෙවීම පැහැර හැරීමට එරෙහිව හා ශ්‍රේණිගත උසස්වීම්වලට අදාළව හිඟ මුදල් නොගෙවීමට එරෙහිව හෙට (02දා) පොළොන්නරුව මහ රෝහල තුළ එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
හිඟ අතිකාල ගෙවීම් සිදුකිරීමේදී උතුරු මැද පළාත් සභාව ගෙවීම් පැහැර හරිමින් තිබෙන බවත්, මේ නිසා හෙට දිනයේදී පොළොන්නරුවමහ රෝහල තුළහෙද නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවත් එම සංගමයේ සංවිධායක ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පවසා සිටියේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පළාත තුළදී පවා හෙද නිලධාරීන් පීඩාවට පත්කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙන බවද ඒ මහතා පැවසීය.