පහසුකම් රැසක් සමගින් නව ස්මාර්ට් විදුලි මීටරයක්
විදුලි අක්‍රමිකතා නැවැත්වීමට මෙන්ම පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලෙකෝ ආයතනය හඳුන්වා දී තිබේ.
නිවෙස්වල මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවේ.
මෙම තත්ත්වය මගහරවමින් පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.
මෙම ආයතනය විසින් දිනකට නව ස්මාර්ට් විදුලි මීටර් 2000ක් නිපදවන අතර දැනටමත් අපේ රට තුළ එවැනි ස්මාර්ට් විදුලි මීටර් 64000ක් අලෙවි කරනු ලැබ තිබේ.
මෙහි දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට මෙම විදුලි මීටර් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති අතර එමගින් විදේශ විනිමය මෙරටින් විදේශ රටවලට ඇදී යාම වැලැක්වීමත්, අපේ රටට විදේශ විනිමය ගලා ඒමට කටයුතු කිරීමත් අරමුණ බැව් එම කර්මාන්තයේ ඉහළ කළමණාකාරිත්වය පැවසූහ.
වසරකට මෙම ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 04ක් නිපදවීම ඉළක්කයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
