පහසුකම් දෙනවානම් රටටම අවශ්‍ය කිරි දෙනවා - ආරියශීලි
රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පැවසීය.
කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි ගැලීමට පවා සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේම ආනයනික පිටිකිරි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙන අතර, පිටිකිරිවල ප්‍රමිතිය පිළිබඳ ඇති ගැටලුව සොයා බැලීමට තවමත් කටයුතු කර නොමැති බවත්, ඒ පිළිබඳ සොයා බලන ලෙස අද (18දා) දින පාරිභෝගික කටයුතු අධිකාරියට නැවත මතක් කර සිටින බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
දේශීයවශයෙන් ක්‍රියාත්මක වන තම සමාගමට රටට අවශ්යදියර කිරි, පිටිකිරි හා බටර් ඇතුළු නිෂ්පාදන 100%ක් ලබාදීමට හැකියාව තිබෙන බවත්, දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා පැවසීය.

popular news
-
Mahesh Friday, 22 March 2019 10:54 PM
මෙවට උදවු කරන්න කවුරුත් නැ......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

