පසුගිය රජයේ දූෂණ සෙවූ කොමිෂන් වාර්තා අල්ලස් කොමිසමට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති කොමිෂමේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිෂමට භාර දී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීමට මෙම කොමිසම පත් කළ බවත්, එම කොමිසමේ වාර්තාව සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර අවසන් බවත්, දෙමළ භාෂාවෙන් පිටපත සකස් කළ පසු එය ප්‍රසිද්ධියට පත් කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28දා) සඳහන් කළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ජනාධිපති සමයේදී රටට සිදුකළ සේවාවට ප්‍රශංසා කිරීමට අද (28දා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවද ලේකම්වරයා කියා සිටියේය.
සෞඛ්‍ය සේවාව සැලකීමේදී දූෂණ වංචා පිළිබඳව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

popular news
-
sirisena Friday, 29 November 2019 10:43 AM
මේ මගේ අන්දන්ද පුළුවන් කෙනෙක් GMOA එකට කවදාවත් හොයාගන්න ලැබෙන එකක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

