පසුගිය දේශපාලන සංස්කෘතියෙන් ඉවත්විය යුතුයි - ජනපති
පසුගිය කාලයේ පැවැති දේශපාලන සංස්කෘතියට ජනතාව විශාල පිළිකුලක් දැක්වූ බවත් එයින් ඉවත් විය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අද (22දා) කොළඹ ජනපති මන්දිරයේදී කැබිනට් මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා.
අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.
මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදවා අපි පොරොන්දුවුණ කරුණු ක්රියාත්මක කිරීමට ඔබගේ සහාය බලාපොරොත්තු වෙනවා."

popular news
-
Champa Friday, 22 November 2019 08:56 PM
අයියෝ අන්න තව පිස්සුවක්. රාජ්ය ලාංචනය දාන්න කිව්වේ රාජ්ය ආයතන වලට විතරයි නේද? අර මිනිස්සු පාරවල පුරා අන්න රාජ්ය ලාංචනය දාලා ඒකේ ගෞරවය නැති කරනවා. අයියෝද කියන්නේ. මේ දේශපාලන හෙන්චයියන්ගේ නිවට වහල් දේශපාලන සංස්කෘතිය නවත්තන්නේ කවදද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

