ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගතවන පශ්චාත් මැතිවරණ කාලසීමාව සාමකාමී බවත් කිසිම බරපතල සිදුවීමක් වාර්තා නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
සාමය ආරක්ෂා කිරිම වෙනුවෙන් තවදුරටත් ජංගම රාජකාරී, කැරළි මර්දන රාජකාරී මෙන්ම මාර්ග බාධක රාජකාරී සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් දිවයින පුරාම සාමකාමී වාතාවරණයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
