පලාලි උත්සවයේදී ජාතික ගීය ගායනා නොකරයි
යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා භාරයට පත්කර තිබූ පලාලි ගුවන් තොටුපොළ අද (05දා) යළිත් සිවිල් ගුවන් සේවා අධිකාරියට භාරදීමට කටයුතු කළේය.
මෙම උත්සවය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පලාලි ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පැවැති අතර ඒ සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාද එක්විය.
මෙම උත්සවය පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරිමේ ජාතික උත්සවය ලෙස නම්කර තිබුණත් එම උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමක් සිදුනොවිණ.
ඊයේ දිනයේදී වාර්තා වූයේ මෙම උත්සවයේ න්‍යාය පත්‍රයෙන් ජාතික ගීය ගායනා කිරිම ඉවත් කර තිබූ බවයි.

popular news
-
Sanath Friday, 05 July 2019 01:30 PM
මෙවැනි සිදුවීම් අනුමත කල නොහැකී.
Reply : 0 0
Nandana Friday, 05 July 2019 03:59 PM
ජාතික උත්සවයකදී ජාතික ගිය තහනම් කරපු කෙනා කවුද?
Reply : 0 0
Champa Friday, 05 July 2019 04:48 PM
ඉන්දියන් ජාතික ගීය ගායනා කරන්න වෙන්න ඇති ඉන්නේ. මේක දැන් ඉන්දියාවට දෙන්න ගිවිසුම් ගහල ඉවරයි. වහල් ආණ්ඩුවේ කිසිම දේශද්‍රෝහී මන්ත්‍රී හෝ ඇමතිවරයෙක්ට නැවත පාර්ලිමේන්තුවේ පස් පාගන්න දෙන්න හොඳ නැහැ. රනිල් වික්‍රමසිංහ නිවාස අඩස්සියට ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

