පොලීසිය ප්‍රතිසංස්කරණයට පොලිස්පති පූජිත ඇතුළු පිරිසක් බ්‍රිතාන්‍යයට

පොලීසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය පිළිබඳ අදහස් ලබාගැනීමට හා ප්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සඳහා මෙරට නියෝජිතයන් පිරිසක් මේ මස 30 වැනිදා බ්‍රිතාන්‍යයට යන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පිරිස ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් ඔක්තෝබර් පළමු වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන වැඩමුළුවකට මෙම පිරිස් සහභාගි වන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.
ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පොලිස්පති පූජිත ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම් පත්මසිරි ජයමාන්න මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි වන බවද මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
මෙම වැඩමුළුව හරහා පොලීසිය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය දැනුම හා ප්‍රජා පොලිස් ඒකක සංකල්පය වැඩිදියුණු කිරීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

