අදට (05) යෙදි ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල රුක් රෝපණ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ තලවකැලේ වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක රොෂාන් රාජදොරෙයි යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (05) සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසලදි සිදු කළහ.
සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල හෙක්ටයාර් 5 පමණ භූමි ප්‍රමාණයක ස්වාභාවික පරිසරය වියළි කාලගුණය පවතින කාලයේදි ගිනි තැබිම් හේතුවෙන් එම පරිසර පද්ධතිය රැක ගැනිම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මග පෙන්විම යටතේ තලවකැලේ වැවිලි සමාගම විසින් පාලනය කරන තේ වතු ආශ්රිත ඇති ජල මුලාශ සහ ස්වාභාවික පරිසර පද්ධතිය වර්ධනය කිරිම වැඩසටහන යටතේ තලවකැලේ වැවිලි සමාගම විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි.
සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල කුඹුක් , කොට්ටබ ,කපුරු ,චින මහොගනි ,මි ගස් , කොට්න් , උණ , එල ඉගුරු පැළැටි රෝපණය කිරිම පාසල් ළමුන් , වතු කම්කරුවන් , පරිසරවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම ස්වාභාවික වන වගා වැඩසටහන දියත් කරනු ලැබීය.
මෙම රුක් රෝපණ වැඩසටහනට රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහ තලවකැලේ වැවිලි සමාගමේ උසස් නිලධාරින් රැසක් මෙම වැඩසටහනට සහභාගි විය.
ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට ඉහළින් මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසන් වනවිට මෙවැනි පැළ පහළොස්දහසක් රෝපණය කිරිමට කටයුතු කරන බව තලවකැලේ වැවිලි සමාගමේ කෘෂී වන වගා සහ විශේෂ ව්‍යාපෘති ජ්‍යෙෂ්ඨ කළමණාකරු බණ්ඩාර දසනායක මහතා පැවසීය.

