පරිසරය රැකනොගතහොත් තව අවු. 15කින් රට කාන්තාරයක්
පරිසරය රැක නොගතහොත් ඉදිරි වසර 15, 20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.
එබැවින් පරිසරය පිළිබඳ සංවේදී වෙමින් මිනිසා ප්රමුඛ සියලු සතා, සිවුපාවාගේ ජීවත්වීමේ අයිතිය රැක ගැනීම සහ රට කාන්තාරයක් බවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් සිය යුතුකම ඉටුකරන ලෙස ජනාධිපතිතුමා සියලූදෙනාගෙන් ඉල්ලයි.
මහනුවර මහ නගර සභාවට අයත් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (06) එම භූමියේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
පිවිතුරු හරිත පුරවරයක් ගොඩනගමින් ජෛව විවිධත්වය සුරකින ,තුරු ප්‍රජාව, නමින් වැඩසටහන නම් කර තිබිණි.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් දුනුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 28ක් පමණක් වූ මෙරට වන ඝනත්වය වාර්ෂිකව ද සියයට 1.5 බැගින් අඩු වෙමින් පවතින බවයි.
අඛණ්ඩව එලෙස වන ඝනත්වය අඩු වුවහොත් වසර 15, 20ක් යන විට රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මතු පරපුර වෙනුවෙන් රටේ වන සම්පත රැකගැනීමට කොන්දේසි විරහිතව සියලූ පාර්ශවයන් කැපවිය යුතු බව අවධාරණය කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ, මහනුවර නියෝජ්‍ය පුරපති ඉලානි ආබ්දීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

popular news
-
Champa Friday, 07 June 2019 05:55 PM
රිෂාඩ් බදුයුදීන් මහා පරිමාණයෙන් කැලා කපපු ආණ්ඩු දෙකේම ඉඳල දැන් එනවා බණ කියන්න. රිෂාඩ් විල්පත්තු විතරක් නෙමෙයි මුලතිව් කැලේත් කැපුව. තව ඇමතිවරු නකල්ස් රක්ෂිතය කැපුව. තව සිංහරාජේ මැදින් පාරවල් කැපුව. මේව නවත්තන්න කියල අවුරුදු 4ක් තිස්සේ පරිසර සංවිධාන සහ ස්වභාව ධර්මයට ආදරේ කරන මිනිස්සු කොච්චරවත් කිව්වා. ඇහෙන්නේ නෑ වගේ හිටිය. ඇයි මතක නැත්ද වෙල්ලස්සේ අක්කර 65,000ක් එලි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්ම 2016 දී. මේ ඔක්කොම කරන්න ඉඩ දීල, අක්කර ලක්ෂ ගණන් එලි කරන්න ඉඩ දීල ලෝකෙට අඬබෙර ගහල එක පැළයක් හිටවනවා. රටේ වන වගාව ආරක්ෂා කරගන්න තියෙන්නේ දේශපාලකයන්ගෙන්.
Reply : 0 0
Kumar Friday, 07 June 2019 09:29 PM
ජනධිපතිතුමා කවුරුවත් කිව්වේ නැද්ද පළමුවෙන්ම කාන්තාරයක් වෙන්න උතුරුමැද පළාත කියල. උතුර පළාත ගැන සඳහන් නොකළේ ඒ වෙනකොට එම ප්‍රදේශය මුහුදේ කොටසක් වෙන්න ඉඩතිබෙන නිසයි. ඔය තරම්ම පරිසරය ගැන තැකීමක් තියෙනවනම් පළමුවෙන් විදුලිබලය නිපදවන්න ගල් අගුරු පාවිචිය නතරකරන්න. ලංකාවේ මනුෂයින් ජිවත් වෙන්න පටන්ගත් කාලයේ සිට ගස් කපල තිබෙනවා. ගස් කැපුවට ඔය කියන ඉක්මනට ලංකාව අබාවයට යන්නේ නැහැ. ඔබතුම ආනමඩුව පැත්තේ වනාන්තරයකට ගොසින් බලන්න. පාරට පෙනෙන්න ගස් තිබුනට පිටුපස මුඩුබිම්.
Reply : 0 0
එම්.ඒ. ජේ Saturday, 08 June 2019 11:30 AM
ජනාධිපතිතුමා, ඔබතුමන්ලා වැඩ කරන්නේ හිනෙන් අවදි වු මිනිසුන් සේ, ඔබතුමා බලයට පත්වෙලා දැන් වසර 5ක් වෙන්නත් එනවා, ඔබතුමාට පරිසරය ගැන මතක් වුනේ ඊයේ නේද? බලයට පත් වුන දා ඉඳලා පරිසරයේ වගකිම ගත්තෙත් ඔබතුමා නේද? කොහොම වුනත් අපේ රට කාන්තාරයක් වෙනව කියන එක නම් පාසල් දරුවන් පවා දැන ගත්තෙත් මිට අවුරුදු 20කට විතර පෙර. පුදුමය නම් ඔබතුමාට මේක තේරුනේ අද ඊයේ විමයි! කොහොම වුනත් වඩු මඩු තහනම් කරන එක පරිසර විනාශය පාලනය කිරිමට විසඳුමක් නෙවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

