පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ මහපරිමාණ සහල් මෝලක් තුළ පණුවන් සහ ගුල්ලන් සහිත කල් ඉකුත් වු සහල් තොග අලූත් සහල් වලට මිශ්‍ර කර ඇසුරුම් කර තිබියදි ඊයේ (26) වෙනිදා රාත්‍රියේ සිදු කල වැටලිමකදි අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ආයතන ප්‍රධානි එච්.ජී.සී චන්ද්‍රකුමාර මහතා පැවසිය.
පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින මෙම සහල් තොග දිවයිනේ විවිධ පළාත් වලට බෙදා හැරිමට සුදානම් කර තිබු ඒවා බවට සැක කරන බව චන්ද්‍රකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පොළොන්නරුව සහ වැලිකන්ද පොලීසියත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිහිපදෙනෙක් එක්ව සිදුකල මෙම වැටලිමේදි කල් ඉකුත් වු සහල් මලූ විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබු බවද ඒ පිළිබඳව පරික්ෂණ සිදු කරන පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පරික්ෂාවට ලක් කිරිමෙන් පසු එම පාරිභෝජනයට නුසුදුසු සහල් සාම්පල් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරිමට කටයුතු කරන බවද පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ආයතන ප්‍රධානි එච්.ජී.සී චන්ද්‍රකුමාර මහතා අප කල විමසිමකදි පැවසිය.
පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකු 28 වෙනිදා දහවල් වන විට මෙම වැටලිමට ලක්වු සහල් මෝල පිහිටා තිබෙන ස්ථානයට ළඟා විමට නියමිත බවත් එතෙක් පොළොන්නරුව සහ වැලිකන්ද පොලීසියේ එකාබද්ධව තමන් ඇතුලූ තම නිලධාරින් පිරිසක්ද එම ස්ථානයට දැඩි ආරක්ෂාව යොදා ඇති බවද චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේය.
මෙම වැටලිමේදි පනුවන් සහ ගුල්ලන් සහිත කල් ඉකුත් වු සහල් තොග අත්අඩංගුවට ගත් තොගය නිශ්චිත වශයෙන් ගණනය කර නොමැති බවත් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් පැමිණ සිදු කරන පුළුල් පරික්ෂාවකින් අනතුරුව ඒ පිළිබඳව තොරතුරු මාධ්‍යයට පැවසීමේ හැකියාව පවතින බවද චන්ද්‍රකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

