කොරියානු රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2019 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ මැයි මස 28 දින සිට ඔක්තෝබර් මස 08 වන දින දක්වා (සති අන්ත සහ නිවාඩු දිනයන් හැර දින 77ක්) පැවැත්වීමට නියමිතය.
මෙවර පරීක්ෂණය පරිගණක ආශ්රයෙන් පමණක් පැවැතවෙන අතර එක් එක් විභාග අපේක්ෂකයින්ට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.
පරිගණක ආශ්රිත මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
