පර්දාව සහ අබායට විරෝධය දක්වා පුත්තලම ප්රා.ලේකම් කාර්යාල නිලධාරින් වර්ජනයේ
පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි වල නිරත වන නිලධාරින් පිරිසක් අද ( 13 ) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිම නිසා කාර්යාල කටයුතු සම්පුර්ණයෙන් අඩාල වි තිබුණි.
පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් පළදින පර්දාව සහ කබාය ඇදිම තුළින් ආයතනය තුළ යම් ගැටලු මතුව ඇති බව පවසමින් එය ඉවත් කර සේවයට පැමිණෙන ලෙසට ඉල්ලිම් කරමින් මෙසේ 60 කට ආසන්න අනෙක් නිලධාරින් පිරිසක් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කර තිබුණි.
පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මුස්ලිම් නිලධාරිනියන්ට කාර්යාලය තුළදි පර්දාව සහ අබාය හැද රාජකාරිවල නිරත නොවන ලෙසට සිංහල නිලධාරින් විසින් දැනුම් දි තිබු නමුත් දිගින් දිගටම එම ඇඳුම එලෙසම භාවිතා කිරීමට විරෝධය දක්වමින් මෙසේ ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කල ඇති බව කියයි.
මේ හේතුවෙන් පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වි තිබු අතර මුස්ලිම් නිලධාරින් හා නිලධාරිනියන් පිරිස පමණක් සේවයට පැමිණ සිටි ආකාරය දැක ගත හැකි විය.
මේ පිළිබඳව පුත්තලම ප්රාදේශිය ලේකම් සංජීවනි හේරත් මහත්මියගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.
“ පර්දාව සහ අබාය රාජකාරි වේලාවේදි පළදින්න එපා කියලා අනෙක් නිලධාරින් දන්වා තිබේනවා . මම මේ පාර්ශව දෙකම සමඟ කථා කළ නමුත් දෙපිරිසම එකඟතාවයකට එන්න සුදානම් නැහැ. නිලධාරින් ලෙස අපි තමා මේ නිසා ගැටලුවලට ලක්වෙන්නේ” .
ආණමඩුව- හිරාන් ප්රියංකර

popular news
-
චමින්ද Monday, 13 May 2019 06:15 PM
මම විශ්රාමිකයෙක්මි.අදින් අවුරුදු 40 කට පෙර රාජ්ය සේවයට බැඳුනු මම ඒ කාලයේ කිසිම විටක ඔය ඇඳුම් ඇඳි කිසිම කෙනෙක් කාර්යාලයක වැඩකරනවා දැකල නැහැ.කිසිම ගුරුතුමියක් එලෙස එනවා දැකත් නැහැ.ඒ කාලයේ දිවයිනේ උතුරේ සිටි අය දකුණටත් දකුනේ අය උතුරු නැගෙනහිරටත් මාරුවෙවී රාජකාරි කලා.කිසිම පළාතක මෙවැනි තත්වයන් තිබුනේත නැහැ.මම එක් කාර්යාලයක දෙමළ භාෂා ඉගැන්වීම් විෂය භාරව වැඩකල අවස්ථාවක දෙමළ ඉගැන්වීම කලේ මුස්ලිම් ගුරුතුමියක් එතුමියත් කිසිම විට ඔය ඇඳුම් ඇන්දේ නැහැ.මෙම තත්වයන් කාර්යාල තුලදී මම දැක්කේ 2010 න් පසුවයි ආයතන සංග්රහය අනුව ඉඑල නිළධාරීනගේ උපදෙස් වලට අකීකරුවීම විනය විරෝධී ක්රියාවක්
Reply : 0 0
Demuni de silva Tuesday, 14 May 2019 03:12 AM
Those who kept away from work are paid by the govt. Let govt. to handle those matters. You do you job first.
Reply : 0 0
rocky Tuesday, 14 May 2019 06:48 AM
ඇයි, මේ මුලිම් ගනන්කාරියන්ට එරෙහිව විනයානුකුල පියවරක් ගන්න බැරි?
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

