පන්නල ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නක්
පන්නල , ඉරබඩගම ඔමේගා ලයින් ඇඟලුම් කම්හලේ අද (14) උදෑසන 2 ට පමණ හදිසි ගින්නක් හටගැනිමෙන් එහි ලයින් වන් ගොඩනැගිල්ල ගින්නෙන් දැවි ගොස් ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර ගින්න මැඩපැවැත්වීමට මේ වනවිට මීගමුව,හලාවත හා කුරුණැගල ගිනි නිවිම් රථ පැමිණ ඇති බවද වාර්තා වේ.
කුලියාපිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර, නිමල් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පන්නල ස්ථානයේ නිලධාරින් විසින් සිදු වු අනතුර සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

popular news
-
Kumar Friday, 14 June 2019 09:06 PM
කර්මාන්ත ශාලාවේ රැකියාවේ නියුතු සේවකයන් ගැනයි මට කණගාටු. හිමිකරුට නම් රක්ෂණයෙන් අලාබ පියව ගන්න හැකිව්යි.
Reply : 13 0
ලසන්ත Saturday, 15 June 2019 06:46 AM
මෙයට අවුරුදු 35 කට පමණ පෙර දිනක් එක් කාර්යාලයකට පැමිණි එහි සේවිකාවක් අහවල් රජයේ රබර් කම්හල ඊයේ රාත්‍රියේ ගිනිගත්තා ගබඩාවම විනාසයි කිව්වා.එහෙම කියන්න ඇයට හැකිවුනේ එහි ගබඩා භාරකරු ඇගේ සැමියා නිසා.දින දෙකකට පසුව දිනක් ඇය වැඩට නෑවිත් සිට පුදා ආවම යෙහෙලියන් හේතු විමසුවාම කිව්වේ කම්හලේ ගින්නට ඇගේ සැමියා අතුඅඩංගුවට ගත්තා කියලයි.මම උදාහරනයක් කිව්වේ ගබඩාවල ගිනි ඇතිවීමට හේතු අවශ්‍ය කෙනෙකුට සිතා ගැනීමටයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

