පිදුරංගලදී අඬ නිරුවත පෙන්වූ 2ක් හඳුනා ගැනෙයි
ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලීසිය කියයි.
මුහුණු පොත හරහා එම ඡායාරූප මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සීගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට යවා තිබෙන බවයි.
මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීම සඳහා මුහුණු පොතේ කණ්ඩායම් සීගිරිය පොලීසියට සහයෝගය දක්වා ඇති බවත් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පෞද්ගලික පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලීසිය කියයි.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස
popular news
-
රත්නසේන Wednesday, 26 September 2018 11:32 AM
අන් කවර කාලයකටත් වඩා අද අප රටට තරුණ දායකයත්වය සහ තරුණ නිර්මාණශිලිත්වය අවශ්‍ය කාලයකි! රටේ තරුණ පරපුර සිටින්නේ මේවැනි රෝගි තත්වයක නම් එය බරපතල සමාජ-සංකෘතික පිරිහිමකි. තරුණයින් හුදු විනෝදයට බොහෝ දේ කරති, ඔවුන් නිර්මාණශිලි සහ ආදර්ශමත් විය යුතුය. තම නිරුවත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ මේ රෝගි-තරුණයින් පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කළ යුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

