පඩිපෙළින් ඇඳ වැටුණු සරසවි සිසුවා ජිවිතක්ෂයට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරය ආසන්නයේ ඇති ගල් පඩි පෙළින් ඇඳ වැටී බරපතල තුවාල ලැබ මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිසුවා ඊයේ (16) පස්වරුවේ මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබු ගම්පොළ අටබාගේ පදිංචි අජිත් සිසිර කුමාර නැමැති විසිහය හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා පසුගිය 10 දා ගල්පඩි පෙළින් පහළට ඇඳ වැටී බරපතල තුවාල ලැබීමෙන් පසු ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
රෝහලේදී ශල්‍යකර්ම කිහිපයකට ලක් කරන ලද සිසුවා ඊයේ (16) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක තිලක් පුෂ්පකුමාර රත්නායක මහතා මෙය පඩි පෙළකින් ඇඳ වැටීම නිසා ගෙළ ප්‍රදේශයට හා සුසුම්නාවට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බවට තීරණය කළේය.
චමිල් රූපසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

