ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම විනය කඩකිරීමක් බවඑම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
මේ නිසා එවැනි ක්‍රියා සිදුවන්නේ නම් මධ්‍යම කාරක සභාව හරහා විනය කමිටුවක් පත් කර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවද මහලේකම්වරයා පවසා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව 'අද' කළ විමසීමකදීය.