2022 වසරේ නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.
2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බව සභාපතිවරයා කියා සිටියේය.
තම බල ප්‍රදේශයේ පිහිටි නගර වල ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් විසින් ඝන අපද්‍රව්‍ය සහ කැලි කසළ ඉවත් කර ගනු ලැබුවද ඇතැම් ව්‍යාපාරිකයන් ඉතා සුක්ෂම ලෙස වෙළඳසැල් වල බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය සහ කැළි කසල පරිසරයට මුදා හරින බව සභාපතිවරයා පැවැසීය.
2022 වසරේ සිට තම බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් බැහැර කරන කැලි කසළ සදහා කිලෝවට රු 3 සිට 5 දක්වා මුදලක් අය කරන බවත්, සැම වෙලදසැලකින්ම තම ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් වෙත ලබාදෙන කැලි කසල කිරා ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතු බවත්, එම මුදල මාසිකව තම ප්‍රාදේශිය සභාව වෙත ගෙවිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
නොර්වුඩ් ප්‍රාදේශිය සභාව අලුතින් ස්ථාපනය ප්‍රාදේශිය සභාවක් බවත්, තම ප්‍රාදේශිය සභාවේ ස්ථිර කම්කරුවන් නොමැති නිසා අනියම් සේවකයින් කිහිප දෙනෙකු බදවා ගනිමින් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි සියළුම නගර වල කැළි කසළ ඉවත් කරන බවද ඔහු පැවැසිය.
වාර්ෂිකව නගර සිමාවල කැළි කසළ ඉවත් කිරීම සඳහා වැය කරන මුදලින් හරි අඩක් හෝ කසළ බදු අය කිරිමෙන් පියවාගත හැකි බව විශ්වාස කරන බවද නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසිය.
