හැටන් නොර්වුඩ් නගරයේ ප්රධාන විදියේ වෙළදසැල් පේළියක අද (25) අලුයම ගින්නක් හටගත් බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
අද (25) උදැසන 6.45ට පමණ ගැස් අලෙවි කරන වෙලදසැලකින් හටගත් ගින්න වෙලදසැල් තුනක් දක්වා පැතිර ගොස් ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
ගින්නෙන් ගැස් අලෙවි කරන වෙලදසැලක් සහ සිල්ලර වෙළඳසැලක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර තවත් එක් සිල්ලර වෙළඳසැලක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත.
පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලීසියේ නිලධාරින් සහ නොර්වුඩ් ප්රදේශවාසීන් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.
ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලීසිය පරික්ෂණ පවත්වයි.

