නොබෙදුණ ශ්‍රී ලංකාවකින් දේශපාලන විසඳුමක් දෙනවා
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
" ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට ලැබුණ සහායට ස්තූතියි. ව්‍යවස්ථාව තමයි රටක ප්‍රධාන නීතිය. ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්නයි අපි ඔක්කොම කියන්නේ.
හැම කෙනාම කියන්නේ ව්‍යවස්ථව අනුව කටයුතු කරන්න කියලයි. මන්ත්‍රීවරු 122ක් සභාවේ බලය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා. අපේ වැරදි තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු වී කටයුතු කළ නිසා අපිට වේගයෙන් යන්න බැරිවුණා.
ජනාතාව දුක් වින්දා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට නිවාස වෙනුවෙන් අපි විශාල මුදලක් වෙන් කළා. මාසයක තිස්සේ අපි පස්සට ගියා. රටට හානියක් වෙලා තිබෙනවා. මෙය නිවරදි කරන්න පුළුවන්.
අපි සංවර්ධනය ඉදිරියට ගෙනියනවා. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවකින් ඒ්කීය රාජ්‍යයකින් නොබෙදුණ රටක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනතාවටම පිළිගත හැක විසඳුමක් දෙනවා. පළාත් සභා ශක්තිමත් කරනවා.
විධායක ජනපතිකම නැතිකිරිමටත් අපි කැපවෙලා තිබෙනවා. අපි ක්‍රියා කර තිබෙන්නේ අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමටයි. යුද්ධයෙන් පස්සේ ජනතාවත් ඒක්ක සාකච්ඡා කර දේශපාලන විසඳුමකට යනවා."

popular news
-
Champa Wednesday, 12 December 2018 05:04 PM
1.) විධායක ජනාධිපතිකම නැති කරන එකට ඉඩක් ලැබෙන්නේ නැහැ. 2.) "සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනතාවටම පිළිගත හැක විසඳුමක් දෙනවාලු." මේ කතාව ජනාධිපතිතුමාත් කිව්වා. හැබෑටම මොකක්ද මේ විසඳුමක් දෙන්න හදන ප්‍රශ්නේ? සිංහල දෙමල මුස්ලිම් හැමෝටම තියෙන ප්‍රශ්නේ මොකක්ද? කවුරුහරි දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රශ්නේ මොකක්ද කියලා සිංහලයන්ට කියන්නේ කවදද? අවුරුද 4ක් තිස්සේ අහනවා. උත්තර නැහැ. 3.) "ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තිබෙනවාලු." එහෙම එක ජනතාවකගේ ප්‍රශ්න විසදන්න බැරි විදිහට, එක ජනතාවක් ඉලක්ක කරගෙන මේ ව්‍යවස්ථාව දාල තියෙන වගන්ති මොනවාද? මේ ප්‍රශ්නෙත් පහුගිය අවුරුදු 4 පුරාම ඇහැව්වා. අදටත් උත්තර නැහැ. මේ පාර්ලිමේන්තුවේ විතරක් විවිධ පක්ෂ සහ පළාත් නියෝජනය කරමින් දෙමල මන්ත්‍රීවරු 29ක් සහ මුස්ලිම් මන්ත්‍රීවරු 22ක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225න් 51ක්ම සුළු ජාතීන්. ඒ කියන්නේ අඩු වැඩි වශයන් පාර්ලිමේන්තුවේ 1/4ක් සුළු ජාතීන්. මෙගොල්ලන්න්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද? එහෙම තිබ්බ නම් කොහොමද සුළු ජාතීන් 51ක් පාර්ලිමේන්තු ආවේ? 4.) පළාත් සභා විතරක් නෙමෙයි ප්‍රාදේශීය සභාත් අහෝසි කරලා ඒ මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

