2017 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා වසර 2ක කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලේ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 495,000ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අතර බාහිර රෝගී අංශයෙන් රෝගීන් 173,185ක්, ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයෙන් රෝගීන් 31,888ක්, නේවාසික රෝගීන් 34,352ක් සහ පෞද්ගලික වෛද්‍ය හමු 86,010ක් ඇතුළු නොමිලේ ප්‍රතිකාර සේවා ලබා ගත් තවත් බොහෝ පිරිසක් වන බවද අමාත්‍යාංශය පවසයි.
මෙම කාලය තුළ රජය මගින් කිසිදු අමතර වියදමක් දරා නොමැති අතර බවත් සියලු වියදම් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම සදහා පමණක් සිදු කර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.