නෙලුම් කුලුන සම්පූර්ණ කරන්න තවත් රුමි 3000ක් ඕන - ජනපති
නෙලුම් කුලුනේ සෑම කාර්යයක්ම අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 3000ක පමණ මුදලක් අවශ්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ නෙලුම් කුලුන ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසීය.
නෙලුම් කුලුන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක අත්කාරම් මුදලක් චීනයේ සමාගමකට ගෙවා තිබුණ බවට සඳහන් වුවත් එම මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව ජනපතිවරයා පැවැසීය.
එසේම ඒ පිළිබඳව රජය කළ පරීක්ෂණවලදී එවැනි සමාගමක් චීනයේ පවතින බවට සොයා ගැනීමට නොහැකිවූ බවත් ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
Dayan Monday, 16 September 2019 09:31 PM
ගණන් ගන්න එපා. නැති සමාගම් වලින් යුධ ගුවන යානා ගත්ත, නැති සමාගම් වලට කුළුණු හදන්න ගෙව්වා. සිල් රෙදි බෙදුව.ඕව ගණන් ගන්න හොඳ නෑ. මල්ලිට මේ සැරේ දෙන්න තව හොඳ වැඩ බලන්න පුළුවන් ඉස්සරහට.
Reply : 4 0
Champa Tuesday, 17 September 2019 09:13 AM
මොන මඟුල් ගෙදරක්ද? තව මිලියන් 3000ක් මේ අට මඟලෙට වියදම් කරන්න? ඒ කියන්නේ තවත් මිලියන් 3000ක් ණය ගන්නවා කියන එකද? හොඳයි වැඩේ. දැන් මේකෙන් එන ආදායම කීයද? මේ රට මේ තරම් ණය කරපු දේශපාලකයන්ට නැවත ආණ්ඩු බලය දෙන්න මිනිස්සුන්ට සැහෙන මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මම බලා ඉන්නේ කොයි අපේක්ෂකයාද කියන්නේ කියල නැවත එක ශත පහක් ණය ගන්නේ නැතුව රට හදනවා කියලා. ගත්ත ණය ගෙවන්න තව තව ණය ගැනීම හැර වෙන විදිහකින් රට මේ අගාධෙන් ගොඩ ගන්න එක දේශපාලකයෙක්ටවත් හැකියාවක් නැති බව ඔප්පු වෙලා ඉවරයි. ඒ හින්ද ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ දේශපාලකයෙක් නොවෙන මිනිහෙක්. හැබැයි රූපවාහිනිය ඉදිරිපිටට ඇවිල්ල තමන්ගේ ප්‍රතිපත්ති කියන්න පුළුවන් වෙන්න ඕනේ වෙන කවුරුවත් හදල දීපු ready-made ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නැතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

