රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (06) මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව ඇත.
උපාය දූතයන් යොදවා විවාහ උත්සවයකට ඇනවුම් කරන ආයුරින් මෙම රට බීම බෝතල් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අවුරුදු 57 හා 53 වන වයසේ පසුවෙන බවද සඳහන්.
මෙම රටබීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත් මෙහි වෙළඳපල වටිනාකම 126,0000ක් පමණ විය හැකි බවද වාර්තා වෙයි. තවද විමර්ශන වලින් හෙළිව ඇත්තේ සීදුව ප්‍රදේශයේ කන්ටේනර් අංගනයකින් මෙම රටබීම තොගය රහසේ පිටකරන අතර මෙලෙස රට බීම තොග වශයෙන් පැමිණීම තුලින් විශාල බදු ආධායමක් රජයට අහිමි වන බවත් සුරාබදු නිළධාරීන් සඳහන් කරයි.