නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන්න එපා - රුවන්
නීතිවිරෝධී රජයක් විසින් ලබාදෙන නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය රජයක් පවත්වූ විට ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
රජයට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් තවදුරටත් වත්මන් ආණ්ඩුව වලංගු නොවන බවද ඔහු සඳහන් කළේය.
popular news
-
Champa Monday, 19 November 2018 01:55 PM
මම අවුරුදු 4ක් මහින්දටයි ඒකාබද්ධ විපක්ෂේටයි පක්ෂව කතා කළා. හැබැයි හරි දේට විතරයි. කවදාවත් වැරදි දේ හරි කියලා කිව්වේ නැහැ. මේකත් ඒ වගේ තමයි. මම යූඑන්පී එකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. ඒ වගේම මෛත්‍රීගේ දේශපාලන කුමන්ත්රණයටත් මම තදින්ම විරුද්ධයි. ඒ මොකොද කිව්වා නම් මෛත්‍රීගේ දේශපාලනේ ලංකාවට ඉතා අහිතකර නිසා. අනිත් එක මේක තනිකරම වැරදි පුර්වාදර්ශයක්. පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි මුළු සමාජයටම දුන්නු නරක ආදර්ශයක්. මම කියන්න ගියේ, ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවක් නැහැ. ඒ හින්ද රජයේ සේවකයන් කල්පනාකාරීව වැඩ කරන්න ඕනේ. මොලේ පාවිච්චි කරලා. දේශපාලන ප්‍රශ්න වලට තමන්ගෙන් රස්සාවෙන් හෝ වැටුපෙන් වන්දි ගෙවන්න වෙන මෝඩ වැඩ කරන්න යන්න නරකයි. බය වෙන්න දෙයක් නැහැ. කෙලින් කියන්න රටේ නියම අගමැති සහ ආණ්ඩුව කවුද කියල දන්නේ නැති නිසා දෙන orders ක්‍රියාත්මක කරන්න බයයි කියලා පාර්ලිමේන්තුවෙන් හරියට උත්තරේ දෙනකම්. මේක තමයි ලංකාවම කියන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

