ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සලකුණු කරන ලද පත්‍රිකා 550ක ප්‍රමාණයක් සමඟ පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (16) දින පස්වරුවේ දි පොළොන්නරුව නවනගරයෙදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
ප්‍රදේශවාසියෙකු විසින් පොලීසිය වෙත ලබා දුන් තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධම්මික විරසේකර මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජරැල් මහතා විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
