නීතිවිරෝධිව මසුන් ඇල්ලු පස්දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ඊයේ (7) අලුයම කොකිලායි ප්රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් කොකිලායි ප්රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක් සහ අඩි 360 ක් දිගැති තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පුල්මුඩේ ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්රාව, පිටත දහන යන්ත්රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
