නීතිය හා සාමය ජනපතිට පවරා ගන්නලු
නීතිය හා සාමය අමාත්‍යාංශය වහාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසා සිටියි.
මීට අමතරව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ආරක්ෂාවට හමුදා නිලධාරීන් යොදා ගත යුතු බවද එස්.බී.දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින බවත් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග බෝධි පුජා පැවැත්වීමටත් පොලිස්පතිවරයා ගොස් තිබෙන බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
rocky Friday, 21 September 2018 08:42 AM
එතුමාට දැන් රාජකාරි වැඩි හින්දා ඔන්න ඕක විමල් වීරවංශ මහත්තයට පවරා දුන්නොත් නරකද .. සින්නක්කරේටම?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
