නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම් දිමක්
අපරාධ විමර්ශනයන්ට ආදාළව තම දෙපාර්තමේන්තුවට අසම්පුර්ණ ගොනු ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන ලදි.
අසම්පුර්ණ විමර්ශන ගොනු තම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවහොත් එම ගොනු ආපසු හරවා එවිමට කටයුතු කරන බවද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුලුද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකාරිනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරින් ඒ සම්බන්ධව උපදෙස් ඉල්ලමින් නීතිපතිවරයාට අසම්පුර්ණ ගොනු ඉදිරිපත් කරන බව අවධාරණය කරන නීතිපතිවරයා මේ හේතුව නිසා උපදෙස් ලබ දිමට නොහැකිව විමර්ශන ගොනු ගොඩ ගැසෙන බවත් ඒ හේතුවෙන් විමර්ශන කටයුතු දිර්ඝකාලිනව පමාවන බවත් පෙන්වා දි ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩබලන පොලිස්පති චන්දන වික්රමරත්න මහතාට ආදාළව උපදෙස් දෙන නීතිපතිවරයා මේ පිළිබඳව පොලිස්පතිවරයා යටතේ ඇති සියලුම පොලිස් ස්ථානවලට හා අපරාධ විමර්ශන අංශ වල නිලධාරින් වහා දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසද දැනුම් දි ඇත.

popular news
-
Deepal Nirosh Friday, 16 August 2019 08:48 AM
මෙච්චර කාලයක් ගතවෙලා දැන් තමයි මතක් වුණේ අපරාධ වලට අදාළව චෝදනා ගොනු කරන්න. පුදුමයි, ඒ්ත් ඇත්තයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

