නීතිපතිගෙන් පොලිස්පතිට තවත් නියෝගයක්
ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැදගත් සාක්ෂිකරුවන් තිදෙනා පදිංචිව සිටින ස්ථානයන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියම කළේය.
විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරයෙකු, සෙබළුන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු චෝදනා ලැබ සිටි අතර, ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මෙහෙයවා නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් එම සැකකරුවන් නිදහස් කරනු ලැබීය.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගය කෙරෙහි අවධානය යොමු කිරීමේදී, මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරුවන් නිදහස් කොට තිබුණද, වැදගත් සාක්ෂිකරුවන් සොයා ගනු ලැබුවහොත් මූලික විමර්ශනය නැවත විවෘත කොට එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීමට අවසර ලබාදී ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

